logo icaf online servizi caf online

Caf online - රෙද්දිතෝ චිත්තදිනන්සා හා පෙන්සියෝනේ දි චිත්තදිනන්සා

ඔබට රෙද්දිතෝ චිත්තදිනන්සා ලබාගැනීමට අවශ්‍ය ද? ඒ සඳහා අවශ්‍ය වන සුදුසුකම් දැනගැනීමට අවශ්‍ය ද? එසේ නම් ඔබ සිටින්නේ හරිම තැනෙයි, අපගේ caf online සේවාව ඔස්සේ ඉතාම පහසුවෙන්ම මෙය සඳහා අයඳුම් කළ හැකිය

එය කුමක්ද?

දරිද්‍රතාවයට එරෙහිව සටන් කිරීමේ පියවරක් ලෙස හඳුන්වා දුන් රෙද්දිතො දි චිත්තදිනන්සා (RdC) යනු වෘතීය ජිවිතයට සහ සමාජයට යලි ඒකාබද්ධ කිරීම ඉලක්ක කරගත් ආර්ථික ආධාරයකි. පවුල් ඒකකයේ සාමාජිකයන් වයස අවුරුදු 67 හෝ ඊට වැඩි නම්, එය Pensione di Cittadinanza (PdC) යන නම ගනී.

පුරවැසිභාවය සහ පදිංචිය පිළිබදව ඇති සුදුසුකම්:

ඉතාලියේ හෝ යුරෝපීය සංගමයේ රටක පුරවැසිභාවය;

කාර්තා සෝජෝර්නෝ සහිත යුරෝපා සංගම් නොවන පුරවැසියන්, ජාත්‍යන්තර ආරක්ෂාව සහිත යුරෝපා සංගම් නොවන පුරවැසියන්;

කිසිම රටක පුරවැසිභාවය නොමැති පුද්ගලයන්;

ඉතාලි හෝ යුරෝපීය සංගමයේ පුරවැසියෙකුගේ පවුලේ සාමාජිකයෙකුවීම;

අවම වශයෙන් වසර 10 ක් ඉතාලියේ පදිංචිව සිටීම, අවසාන වසර දෙක අඛණ්ඩව.

ප්‍රාග්ධන සහ ආදායම් අවශ්යතා:

  • යුරෝ 9,360 ට අඩු පවුල් ඒකකයේ ISEE අගය;
  • නිශ්චල දේපල වත්කම්, වාසයකරන නිවස ඇරුනුකොට යුරෝ 30,000 නොඉක්මවන වටිනාකමකින් ‍යුත් ISEE එක සඳහා ඇතුළත් කර ඇති වත්කම් තිබීම;
  • චංචල වත්කම්, ISEE හි දක්වා ඇති, යුරෝ 6,000 නොඉක්මවන වත්කමක් තිබීම,  ඊට වඩා අගක් තිබිය හැකි වන්නේ:
  1. යුරෝ 2,000ක් බැගින් පවුල් ඒකකයේ සෑම සාමාජිකයෙකුටම යුරෝ 10,000ක උපරිමයක් දක්වා;
  2. දෙවැනි දරුවාගෙන් පසු ඉපදුනු සෑම දරුවෙකුටම යුරෝ 1,000 බැගින්;
  3. පවුල් ඒකකයේ ආබාධ සහිත සෑම සාමාජිකයෙකු සඳහා යුරෝ 5,000 බැගින්.
  • පවුලේ ආදායම වසරකට යුරෝ 6,000 නොඉක්මවිය යුතු අතර, එම අගය එක් අවස්ථාව සඳහා සමානතා පරිමාණයේ අනුරූප පරාමිතිය මගින් ගුණ කළ යුතුය (පවුල් ඒකකයේ පළමු සාමාජිකයා සඳහා 1, වෙනත් එක් වැඩිහිටි සාමාජිකයෙකු සඳහා 0.4 කින් සහ එක් බාල වයස්කාර සාමාජිකයෙකු සඳහා 0.2 කින් වැඩි විය. එම උපරිමය 2.1 දක්වා).

මෙම මුදල සමාන වනු ඇත්තේ:

  • පුරවැසි විශ්‍රාම වැටුපක් (පෙන්සියෝනේ දි චිත්තාදිනන්සා) සඳහා යුරෝ 7,560
  • පවුල් ඒකකයේ පදිංචිවී සිටින නිවස කුලියට ගෙන තිබේ නම් යුරෝ 9,360

වෙනත් සැපිරිය යුතු අවශ්‍යතා:

රෙද්දිතෝ චිත්තදිනන්සා (RdC) සඳහා අයදුම්පත ඉදිරිපත් කිරීමෙන් පසු මාසයේ සිට මාසිකව මෙම සහනය ලබාදීම ආරම්භ වන අතර උපරිම මාස 18 ක කාලයක් සඳහා ලබා දෙනු ලැබේ, ඉන්පසු නව අයදුම්පත ඉදිරිපත් කිරීමෙන් මාසයක පමණක් ගෙවීම අත්හිටුවීමට යටත්වන අතර ඉන් පසුව නැවත එම සහනය ලබා දීම ආරම්භ වේ.

පෙන්සියෝනේ දි චිත්තාදිනන්සා (PdC) පුරවැසි විශ්‍රාම වැටුප සඳහා එවැනි කිසිදු අත්හිටුවීමක් නොමැත, එබැවින් නව අයදුම්පතක් ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාවයකින් තොරව ස්වයංක්‍රීයව අලුත් වේ.

RdC වලින් ප්‍රතිලාභ ලබන පවුල් සම්බන්ධයෙන්, RdC භුක්ති විඳින අතරේ පවුල් ඒකකයේ සාමාජිකයන්ගෙන් වයසෙන් අඩුම තැනැත්තා වයස අවුරුදු 67 ඉක්මවා ගියේ නම් සේවාව PdC බවට පරිවර්තනය වේ. 

මෙමඟින් කොපමණ මුදලක් ඔබට ලැබිය යුතුද?:

ආර්ථික ප්‍රතිලාභය (RdC සහ PdC සඳහා යන දෙකම) සංරචක දෙකක එකතුවෙන් (A කෝඨාව සහ ​​B කෝඨාව):

A කෝඨාව  (වාර්ෂික මුදල)

එය ගණනය කරනු ලබන්නේ සමානතා පරිමාණයේ අනුරූප පරාමිතිය ගුණ කිරීමෙනි (පවුල් ඒකකයේ පළමු සාමාජිකයා සඳහා 1, වැඩිහිටි එක් එක් සාමාජිකයා සඳහා 0.4 කින් සහ අනෙක් බාලවයස්කාර සාමාජිකයන් සඳහා 0.2 කින්, උපරිම‍ය 2.1 දක්වා):

  • RdC සඳහා යුරෝ 6,000;
  • PdC සඳහා යුරෝ 7,560.

B කෝඨාව (වාර්ෂික මුදල)

කුලියට ගත් නිවස පදිංචිව සිටී නම්, එය උපරිම වශයෙන් වාර්ෂික කුලියට සමාන වේ:

  • RdC සම්බන්ධයෙන් වසරකට යුරෝ 3,360 (මසකට යුරෝ 280);
  • PdC සම්බන්ධයෙන් වසරකට යුරෝ 1,800 (මසකට යුරෝ 150).

අවශ්‍ය ලියකියවිලි

සේවාව ඉල්ලා සිටීම සඳහා අවශ්‍ය ලේඛන ලැයිස්තුව පහතින් ඔබට හමුවනු ඇත

  • ඉතාලි හැඳුනුම්පත

  • ISEE

  • EU නොවන සේවකයෙකු නම් පෙර්මෙස්සෝ බලපත්‍රය

  • කෝඩිචි ෆිස්කාලය

සේවාව ඉල්ලුම් කරන්න

දැන්ම අයදුම් කරන්න

ඒ සඳහා අවශ්‍ය මුදල

20,00