ඔබට රෙද්දිතෝ චිත්තදිනන්සා ලබාගැනීමට අවශ්‍ය ද? ඒ සඳහා අවශ්‍ය වන සුදුසුකම් දැනගැනීමට අවශ්‍ය ද? එසේ නම් ඔබ සිටින්නේ හරිම තැනෙයි, අපගේ caf online සේවාව ඔස්සේ ඉතාම පහසුවෙන්ම මෙය සඳහා අයඳුම් කළ හැකිය
දරිද්‍රතාවයට එරෙහිව සටන් කිරීමේ පියවරක් ලෙස හඳුන්වා දුන් රෙද්දිතො දි චිත්තදිනන්සා (RdC) යනු වෘතීය ජිවිතයට සහ සමාජයට යලි ඒකාබද්ධ කිරීම ඉලක්ක කරගත් ආර්ථික ආධාරයකි. පවුල් ඒකකයේ සාමාජිකයන් වයස අවුරුදු 67 හෝ ඊට වැඩි නම්, එය Pensione di Cittadinanza (PdC) යන නම ගනී.
ඉතාලියේ හෝ යුරෝපීය සංගමයේ රටක පුරවැසිභාවය;
කාර්තා සෝජෝර්නෝ සහිත යුරෝපා සංගම් නොවන පුරවැසියන්, ජාත්‍යන්තර ආරක්ෂාව සහිත යුරෝපා සංගම් නොවන පුරවැසියන්;
කිසිම රටක පුරවැසිභාවය නොමැති පුද්ගලයන්;
ඉතාලි හෝ යුරෝපීය සංගමයේ පුරවැසියෙකුගේ පවුලේ සාමාජිකයෙකුවීම;
අවම වශයෙන් වසර 10 ක් ඉතාලියේ පදිංචිව සිටීම, අවසාන වසර දෙක අඛණ්ඩව.
මෙම මුදල සමාන වනු ඇත්තේ:
රෙද්දිතෝ චිත්තදිනන්සා (RdC) සඳහා අයදුම්පත ඉදිරිපත් කිරීමෙන් පසු මාසයේ සිට මාසිකව මෙම සහනය ලබාදීම ආරම්භ වන අතර උපරිම මාස 18 ක කාලයක් සඳහා ලබා දෙනු ලැබේ, ඉන්පසු නව අයදුම්පත ඉදිරිපත් කිරීමෙන් මාසයක පමණක් ගෙවීම අත්හිටුවීමට යටත්වන අතර ඉන් පසුව නැවත එම සහනය ලබා දීම ආරම්භ වේ.
පෙන්සියෝනේ දි චිත්තාදිනන්සා (PdC) පුරවැසි විශ්‍රාම වැටුප සඳහා එවැනි කිසිදු අත්හිටුවීමක් නොමැත, එබැවින් නව අයදුම්පතක් ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාවයකින් තොරව ස්වයංක්‍රීයව අලුත් වේ.
RdC වලින් ප්රතිලාභ ලබන පවුල් සම්බන්ධයෙන්, RdC භුක්ති විඳින අතරේ පවුල් ඒකකයේ සාමාජිකයන්ගෙන් වයසෙන් අඩුම තැනැත්තා වයස අවුරුදු 67 ඉක්මවා ගියේ නම් සේවාව PdC බවට පරිවර්තනය වේ.
ආර්ථික ප්‍රතිලාභය (RdC සහ PdC සඳහා යන දෙකම) සංරචක දෙකක එකතුවෙන් (A කෝඨාව සහ B කෝඨාව):
A කෝඨාව (වාර්ෂික මුදල)
එය ගණනය කරනු ලබන්නේ සමානතා පරිමාණයේ අනුරූප පරාමිතිය ගුණ කිරීමෙනි (පවුල් ඒකකයේ පළමු සාමාජිකයා සඳහා 1, වැඩිහිටි එක් එක් සාමාජිකයා සඳහා 0.4 කින් සහ අනෙක් බාලවයස්කාර සාමාජිකයන් සඳහා 0.2 කින්, උපරිමය 2.1 දක්වා):
B කෝඨාව (වාර්ෂික මුදල)
කුලියට ගත් නිවස පදිංචිව සිටී නම්, එය උපරිම වශයෙන් වාර්ෂික කුලියට සමාන වේ:
සේවාව ඉල්ලා සිටීම සඳහා අවශ්‍ය ලේඛන ලැයිස්තුව පහතින් ඔබට හමුවනු ඇත
ඉතාලි හැඳුනුම්පත
ISEE
EU නොවන සේවකයෙකු නම් පෙර්මෙස්සෝ බලපත්‍රය
කෝඩිචි ෆිස්කාලය
සේවාව ඉල්ලුම් කරන්න
ඒ සඳහා අවශ්‍ය මුදල